Wednesday, May 15, 2013

නිවිති පෝෂණාගාරයක්

නිවිති පෝෂණාගාරයක්

                                                   


වැඩිම පෝෂණයක් එකම ආහාරයකින් ලබා ගන්න කැමැති ද? එසේ ඔබ අමතක නොකර කෑම පිඟානට එක්කර ගත යුතු පලා වර්ගයක් තිබෙනවා. ඒ ‘ නිවිති’. දුටු පමණින් සිත් නිවී සැනසී යන පියකරු කොළ පැහැයකින් යුත් මේ අපූරු පලා වර්ගය අපේ කෑම පිඟානේ නිත්‍ය සාමාජිකයෙක්.පර්සියාව වැනි දකුණු ඊසාන දිග ආසියාවෙන් ලොවට දායාද වුණු නිවිති රසවත්, ගුණවත් එළවළුවක් පමණක් නොවෙයි ඖෂධයක් ද වෙනවා.පර්සියාව වැනි දකුණු දිග ආසියාවෙන් ලොවට දායාද වුණු නිවිති රසවත්, ගුණවත් එළවළුවක් පමණක් නොවෙයි ඖෂධයක් ද වෙනවා.

සවිබල සිරුරකට අත්‍යාවශ්‍යයිපිසූ නිවිති යකඩවලින් ස්වයංපෝෂිතයි. සවිමත් සිරුරකට යකඩ නැතිවම බැහැ. ඒ නිසා රක්තහීනතාවය බරපතලම ගැටලුවක් වී ඇති අපේ කාන්තාවන් නිවිති තම ප‍්‍රධාන ආහාරයක් කර ගත යුතුමයි. ඔසප් වෙන වයසේ කාන්තාවන් යකඩ හිඟකමේ දැඩි අයදානමකට මුහුණ පා සිටිනවා.ඔවුන් නිවිති කෑමට ගෙන යකඩවලින් සිරුර සවිමත් කර ගැනීමට උනන්දු විය යුතුමයි. මස් කෑමෙන් යකඩ ලබා ගන්නවාට වඩා කැලරි අඩු, මේද රහිත නිවිති මගින් යකඩ ලබා ගැනීම සෞඛ්‍යයට හිත කරයි. ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට වැඩි වශයෙන් යකඩ අවශ්‍ය වෙනවා. ඒ වාගේම වැඩෙන වයසේ දරුවන්ටත්, ගැටවර වියේ පසුවන්නන්ටත් යකඩ අඩංගු ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. තැම්බූ නිවිති කෝප්පයකින් දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 35.7% ක් සපුරා ගන්න පුළුවන්. පිළිකා නාශක ගුණයෙන් අග තැන්පත් පිළිකා නාශක සංයෝග දහතුනකටත් අධික සංඛ්‍යාවක් නිවිතිවල අඩංගුයි. පර්යේෂණ මගින් හෙළි වී ඇති අන්දමට පිළිකා සෑදීම වැළැක්වීමටත්, පිළිකා වර්ධනය මර්දනය කිරීමටත් නිවිතිවලට හැකියාව තිබෙනවා. මීට හොදම උදාහරණයක් ලෙස නව එංගලන්තයේ 1980 දශකයේ අග භාගයේදී නිවිති අධිකව කෑමට ගත් වැඩිහිටි කාන්තාවන්ගේ පියයුරු පිළිකා වර්ධනය අඩුවීම දක්වන්න පුළුවන්. නිවිතිවල අඩංගු කැරොටනොයිඩ පුරස්ථ ග‍්‍රන්ථයේ පිළිකා මැඩලීමට ආධාර වෙනවා. නිවිති යකඩ ලබා දෙන, සවිය ලබා දෙන ආහාරයක් වගේම හදවත, අස්ථි පද්ධතිය නීරෝගීව තබන පලාවර්ගයක්. විටමින් කේ අස්ථි පද්ධතියේ නීරෝගී භාවයට නැතිවම බැහැ. දෛනික විටමින් කේ අවශ්‍යතාවයෙන් 200% ක්ම නැවුම් නිවිති කොළ කෝප්පයකින් ලබා ගන්න පුළුවන්. හෘදයාබාධවලින් ආසාත ( ස්ට්‍රෝක්) තත්ත්වයන්ගෙන් බේරී සිටීමට නිවිතිවල අඩංගු විටමින් ඒ ෆෝලේට් හා සී ආධාර වෙනවා.තැම්බූ නිවිති කෝප්ප එකකින් දෛනික විටමින් ඒ අවශ්‍යතාවයෙන් 294.8% ක් ද දෛනික විටමින් සී අවශ්‍යතාවයෙන් 29.4% ක්ද සපුරා ගන්න පුළුවන්. නිවිති වල අධික රුධිර පීඩනය හෘදයාබාධ වළක්වන්නට අඩුකරන්නට, උදව්වෙන මැග්නීසියම් හා ෆෝලේට් අඩංගුයි. දෛනික මැග්නීසියම් අවශ්‍යතාවයෙන් 39.1% තැම්බූ නිවිති කොළ කෝප්පයකින් ගබා ගත හැකියි.දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 65.6% ක්ම නිවිති මගින් ලැබෙනවා.

 ප‍්‍රති ප‍්‍රදාහ පෝෂක ඇඳුම ඔස්ටියෝ ආතරයිටීස් රුමැටොයිඩ් ආතරයිටීස් වැනි ප‍්‍රදාහ තත්ත්වයන් නිසා හට ගන්නා රෝග ගණනාවකින් ආරක්ෂා වීමට නිවිතිවල අඩංගු බීටා - කැරොටීන්,විටමින් සී ආධාර වෙනවා. මිග්‍රේන් තත්ත්වයෙන් නිතර පීඩා විඳින්නන්ට නිවිතිවල අඩංගු මැග්නීසියම් හා රිබෝෆ්ලෙවින් සහනයක් ලබා දෙනවා.

 තුරුණු මොළයකටමීයන් යොදා කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ නිවිති, වයස්ගත වීමත් සමඟ ඇති වෙන මොළයේ දුර්වලතා අවම කරන බවයි. ආසාත ( ස්ට්‍රෝක්) තත්ත්්වයකට පසු මොළයට ඇතිවිය හැකි හානිය අවම කිරීමට අධිකව නිවිති කෑමට ගැනීමෙන් පුළුවන්. හොඳින් දෙනෙත් පෙනීමට ඇසේ සුද, වයස් ගත වීමත් සමග ඇති වෙන අක්ෂි ආබාධ බොහොමයකින් ආරක්ෂා වන්නට නිවිතිවල කැරොටනයිඩ උදව් වෙනවා.

 නිවිතිවල අඩංගු පෝෂක විටමින් කේ විටමින් ඒ මැංගනීස් යකඩ විටමින් සී විටමින් බී 2කැල්සියම්පොටෑසියම් විටමින් බී 6 ( පිරිඩොක්සීන්) කෙඳි විටමින් බී 1 ( තයමීන්) තඹ ප්‍රෝටීන් පොස්පරස් සින්ක් විටමින් ඊ ඔමෙගා 3විටමින් බී ( නියැසීන්) සිලේනියම්.නිවිති පමණට වඩා තැම්බීමේදී පෝෂක රැසක්ම විනාශ වෙන නිසා බාගෙට තැම්බීම වඩාත් සුදුසුයි. නිවිති කොළ හා ගෙඩි පෝෂණයක් ගෙන දෙන ස්වභාවික වර්ණකයක්. නිවිති කොළ යුෂ සුප්වලට යෙදීමෙන් පි‍්‍රයමනාප කොළ පැහැයක් දිස් වෙනවා. ඉදුණු නිවිති ගෙඩිවල මාංසමය කොටසෙහි යුෂ, ලෙමන් යුෂ එක්කර ආහාර වර්ණ ගැන්වීමට යොදා ගන්න පුළුවන්. ඉදුණු නිවිති කොළ මිලදී ගනු එපා. මෘදු රැලි නොවැටුණු, තැලී නැති නිවිති කොළ තෝරා ගන්න. නිවිති කොළ ලිහිල්ව ප්ලාස්ටික් බෑගයක අසුරා ශීතකරණයක දින හතරක් තබා ගත හැකියි. ශීතකරණයේ තැබීමට පෙර නිවිති කොළ සේදීමෙන් වළකින්න. සේදූ කොළ ඉක්මනින් නරක් වෙනවා. පිසූ නිවිති ශීතකරණයේ තැන්පත් කිරීම සුදුසු නැහැ. කෙතරම් ගුණදායක වුවත් සමහරුන්ට නිවිති අසාත්මිකයි. එවැනි අය නිතර නිවිති කෑමට එක්කර ගත යුතු නැහැ.
දේශීය වෙදකමෙහි නිවිතිවලට හිමි තැනදේශීය වෙද පොතෙහි නිවිති හඳුන්වා ඇත්තේ කෙඳි සහිත, සිරුරට අවශ්‍ය ලෝහ ලවණ හොඳින් ලබා දෙන පලා වර්ගයක් ලෙසයි. වාත හා පිත සම්බන්ධ රෝග සමනය කිරීමේ අපූරු ගුණයක් නිවිති සතුව තිබෙනවා. එහෙත් මෙහි සෙම ගතිය වැඩිකරන ගුණයක් පවතින නිසා සෙම් රෝගීන්ට එතරම් සුදුසු නැහැ. පෝෂ්‍ය ගුණයෙන් ඉහළ නිසා නිවිති දිරවීමට මදක් අසීරුයි. එනිසා කුසගිනි නැති විට නිවිති කෑමට ගැනීම සුදුසු නැහැ. කුස ගිනි නැතුව නිවිති කෑමට ගැනීමෙන්් කුස පුරවා දමනවා. විති ආමාශයේ ශ්ලේෂ්මල ස‍්‍රාවය අධික කරන නිසා ගැස්ට‍්‍රයිටීස් හෙවත් ආමාශදාහයෙන් පීඩා විඳින අයට ගුණදායකයි. එහෙත් ශ්ලේෂ්මල ස‍්‍රාවය අධික කරවන නිසා සෙම් බහුල ක්ෂය රෝගය වැනි ස්වසන ආබාධ ඇති රෝගීන්ට නිවිති එතරම් සුදුසු කෑමක් නොවෙයි.

                                         

0 comments: