Wednesday, May 15, 2013

බඩ ඉරිගු කරලක ගුණ

බඩ ඉරිගු කරලක ගුණ

                                          

බඩ ඉරිඟු මී පැණි මෙන් පැණි රස උතුරා යන ආහාරයක් නොවෙයි. කැපී පෙනෙන රසයක් නැතත් මහ මගදී ඔබ බඩ ඉරිඟු කරලක රසය විඳින්න අමතක කරන්නේ නැහැ නේද? සැබැවින්ම බඩ ඉරිඟු ලොකු කුඩා කා අතරත් ජනප‍්‍රිය ඇට වර්ගයක්. දත් නීරෝගීව තිබෙන තුරු ඕනෑම කෙනකුට බඩ ඉරිඟු කරලක කිරි රසය භුක්ති විඳින්න පුළුවන්. බඩ ඉරිගු අපේ හේන්වල බහුලව වගා කෙරෙන ශාකයක්. එහෙත් එහි නිජ බිම නම් ඇමරිකාවයි. කෙටියෙන්ම කිවහොත් බඩ ඉරිඟු ඇමරිකානු සංස්කෘතියේ සකේතයක් බඳුයි. කෙඳිවලින් පොහොසත් බඩ ඉරිඟු පෝෂක ගණනාවකින්ම පෝෂිතයි. එක් බඩ ඉරිඟු ඇට කෝප්පයකින් සිරුරේ දෛනික කෙඳි අවශ්‍යතාවයෙන් 18.4% ක් සපුරා ගන්න පුළුවන්. කෙඳි සහිත ආහාර අපේ ආහාර වේලට අත්‍යාවශ්‍යයි. කෙඳි සහිත ආහාර ගැනීමෙන් අහිතරකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කෙරෙනවා. බඩවැල් ආශි‍්‍රත පිළිකා වැළඳීමේ අවදානම අවම කෙරෙනවා.කාර්ය බහුල සමාජයේ වැඩි දෙනකු ගොදුරු වෙන ඉරිටබල් බවල් සින්ඩ්‍රොම් යන රෝග තත්ත්වය අවම කිරීමටත් බඩ ඉරිඟු වල කෙඳී ආධාර වෙනවා. එපමණක් නොවෙයි, මෙහි තන්තු රුධිරයේ සීනි මට්ටම සමබරව පවත්වාගෙන යනවා. එනිසා දියවැඩියා රෝගීන් බඩ ඉරිඟු නිරන්තරයෙන්ම ආහාරයට එක් කර ගත යුත්තක්. බඩ ඉරිගු හදවතට හිතකර වෙන්නේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන නිසාම පමණක් නොවෙයි. එහි සැලකිය යුතු මට්ටමකින් ෆෝලේට් ද පැවතීම නිසයි. විටමින් බී කාණ්ඩයක් වෙන ෆෝලේට් උපත් ආබාධ වළක්වෙනවා සේම රුධිර නහරවලට හානි වීමද වළක්වයි. ඒනිසා හෘද රෝග වගේම, ආසාතය ( ස්ට්‍රෝක් ) වැනි තත්ත්වයන්ද ඇති වීම වළක්වා ගත හැකියි. බඩ ඉරිගුඇට කෝප්පයකින් දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 19% ක්ම සපුරා ගන්න පුළුවන්.
   
පෙනහැල්ලට ගුණයි.තැඹිලි, කහ පැහැ වට්ටක්කා, ගස්ලබු, දොඩම් වැනි ආහාර කැරොටි නොවිඩිවලින් පොහොසත් බව අප දන්නවා. ඒ අතරිනුත් අධික ලෙසින් කැරොට්නොටිඩ් අඩංගු ආහාරයක් ලෙස බඩ ඉරිඟු හදුන්වන්න පුළුවන්. කැරොටනොයිඩ් පෙනහලු පිළිකා හට ගැනීමේ අවදානම අඩු කරයි.මතකය සවිමත් කරයි.

විටමින් බී - 1 හෙවත් තයමීන් බහුල ඇට වර්ගයක් වෙන ඉරිඟු කෑමෙන් මොළයේ සෛල හොඳින් කි‍්‍රයා කරවයි. එනිසා මතක ශක්තිය සවිමත් වෙයි. ඉරිගු කෝප්පයක දෛනික තයමීන් අවශ්‍යතාවයෙන් කාලක් පමණ එනම් 24% ක් පමණ ලබා ගත හැකියි. විටමින් බී -1 ට අමතරව විටමින් බී - 5 ද මෙහි හොඳින්ම අඩංගුය. විටමින් කාබෝහයිඩෙ‍්‍රට්, ප්‍රෝටීන හා ලිපිඩ පරිවෘත්තියට අත්‍යාවශ්‍යයි. අසහනයෙන් සිටින අවස්ථාවක වුවත් බඩඉරිගු කරලත් රස විඳින්න. ඇඩි‍්‍රනලින් වල කි‍්‍රයාකාරිත්වය හොඳින් සිදුවේවි. බඩ ඉරිඟු කොප්පයකින් දෛනික විටමින් බී - 5 අවශ්‍ය තාවයෙන් 14.4% ක් සපුරා ගත හැකියි. විටමින් සී, පොස්පරස් , හා මැංගනීස් බඩ ඉරිඟුවල අංඩගු තවත් අත්‍යාවශ්‍ය පෝෂකය.

මිලදී ගැනීමකෙලින්ම හිරු එළිය වැටෙන ස්ථානවල අලෙවි කරන බඩ ඉරිඟු මිලදී නොගන්න. ශීත කළ හෝ සිසිල් කළ ස්ථානයක ඇති බඩ ඉරිගු තෝරා ගන්න. නැවුම් බඩ ඉරිඟු කරලක ඇටයක් මිරිකු විට කිරි පැහැති ද්‍රව්‍යක් පිටවේ. බඩ ඉරිඟු නිතරම ශීතකරණයක ගබඩා කර තබන්න. බඩ ඉරිඟු කරල් පිටින් ආහාරය ගැනීමට හැකියි. ඒ වාගේම ආහාර රස ගැන්වීමට ද යොදා ගන්න පු‍්‍රළුවන්. සමහරු සුප්වලට බඩ ඉරිඟු යොදයි. බඩ ඉරිඟු චීන ආහාර වට්ටෝරුවලට නැතිවම බැරිය. කෙතරම් ගුණ වුවත් සමහරුන් බඩ ඉරිඟු වලට අසාත්මිකයි. උදරා බාධ, කන් ආසාදන, සමේපලු මතුවීම, මිග්‍රේන් සන්ධි වේදනා, නින්ද නොයාම වැනි ලකුණු ආහාර අසාත්මික වූ විට හට ගනී
                                                 

0 comments: